මුල් පිටුව

From Wikigoviya
Jump to: navigation, search
විකිගොවියා වෙත ඔබ සාදරෙයන් පිළිගනිමු.
ඕනෑම අයෙකුට සංස්කරණය කලහැකි කෘෂිකාර්මික විශ්වකෝෂය.

මාසික විශේෂාංගය - කෘෂි තාක්ෂණ උද්‍යාන

කෘෂි තාක්ෂණ උද්‍යාන පිහිටුවීම කෘෂිකර්ම ව්‍යාප්ති, අධ්‍යාපන හා කෘෂි සංචාරක ව්‍යාපාර උන්නතිය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගනුලැබූ වැදගත්ම පියවරකි. පළමු කෘෂි තාක්ෂණ උද්‍යානය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මෙන්ම මහවැලි ගඟ අසබඩ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පිහිටුවනු ලැබූ අතර දෙවන කෘෂි තාක්ෂණ උද්‍යානය හම්බන්තොට බටඅත රජයේ ගොවිපලට යාබදව ස්ථාපිත කරනු ලැබීය.

තාක්ෂණ උද්‍යාන එක් දින සංචාරයක් සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතරම විශේෂයෙන්ම ගොවීන්, පාසල් සිසුන් ඇතුළු මහජනතාව සඳහා දැනුම හා කෘෂි තොරතුරු පහසුවෙන්ම ලබාගත හැක. මෙහිදී රජයේ හා පෞද්ගලික අංශ මඟින් ඉතා මෑතදී නිර්දේශ කළ බෝග ප්‍රභේදද, දේශීය වර්ගද, නිර්දේශිත බෝග තාක්ෂණයන්ද ප්‍රදර්ශනය ‍කරන අතර සම්පූර්ණ උද්‍යානයේම ඉතා ප්‍රියමනාප ලෙස ආහාර බෝග මඟින් අලංකරණය කර තිබේ. මෙම උද්‍යානය තුල සාම්ප්‍රදායික කාෂිකර්මය මෙන්ම නවීන උසස් තාක්ෂණ කෘෂිකර්මයද ඉදිරිපත් කෙරේ.
Apark.jpg

Apark2.jpg


1920 ගොවි සහන සරණ

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ, කෘෂි කර්මාන්තයේ ව්‍යාප්ති කටයුතු සඳහා අද විවිධ මාධ්‍යයන් හා විවිධ ක්‍රමවේද භාවිතා කරයි. දේශන, පුහුණු පන්ති, ප්‍රායෝගික වැඩමුළු, ප්‍රදර්ශන මෙන්ම විද්‍යුත් මාධ්‍ය ආදී විවිධ මාධ්‍ය හරහා සිදුකරන මෙම ව්‍යාප්ති ක්‍රම වේදයන්ට අලුතින්ම එකතුවූ ක්‍රමවේදය ගාස්තු රහිත කෘෂි උපදෙස් සේවාවයි. ඉන්දියාව, බංගලාදේශය වැනි ලෝකයේ බොහෝ රටවල තම කෘෂිකාර්මික ව්‍යාප්ති කටයුතු සඳහා දුරකථන සේවාව භාවිතා කරන අතර 2006 වසරේ සිට ශ්‍රී ලංකාවද ඒ සඳහා එක්වීම ලාංකික කෘෂිකර්ම ව්‍යාප්තියේ නව නැම්මක් ලෙස සැලකිය හැක. වසර 2006 පෙබරවාරි මස 23වන දින කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශය යටතේ ගන්නොරුව ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සේවාවේ දැනට ලංකාවේ පවතින කෘෂිකර්ම ව්‍යාප්ති කටයුතු සඳහා මහඟු අත්වැලක් සපයයි. ගොවියාට තම කෘෂිකර්මික ක්ෂේත්‍රයේදී, ගෙදරදොරේදී ඇතිවන කෘෂිකාර්මික තාක්ෂණික ගැටළුවලට අදාල ක්ෂේත්‍ර නිලධාරියකු හමුවීමට යන තෙක් මෙම සේවයේ ක්ෂණිකව උපදෙස් ලබාගැනීමට හැකිවීම ඉතා ප්‍රයේජනවත් වී ඇත. මීට අමතරව පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, කෘෂි ව්‍ාරික ප්‍රජාව හා වෙනත් ක්ෂේත්‍රවල නියැලී සිටින බොහෝ දෙනෙකු තම කෘෂිකාර්මික සේවාව සපුරාගැනීම සඳහා දැනට මෙම සේවාව භාවිතා කරයි.


දුරකථන අංක 1920 ක්ෂණික ඇමතුම් අංකයක් මේ සේවාව සඳහා ලබාදී ඇති අතර එම සේවාව "ගොවි සහන සරණ සේවාව" ලෙස නම්කර ඇත. ජංගම දුරකථන ඇතුළු ඕනෑම දුරකථනයකින් අංක 1920 ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම සේවාවට සම්බන්ධවිය හැකිය. දුරකථන ඇමතුම ලබාගන්නා තැනැත්තාට කිසිම ගාස්තුවක් අය නොවීම මෙහි ඇති විශේෂත්වන වන අතර දැනට සතියේ දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා මේ උපදේශන සේවාව ක්‍රියාත්මක වේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර ගනනාවක ක්ෂේත්‍ර අත්දැකීම් සහිත කෘෂිකර්ම උපදේශක නිලධාරී මණ්ඩලයක් මේ උපදේශන සේවයෙහි යෙදී සිටින අතර කෘෂිකාර්මික ගැටළුවලට අමතරව පොල් වගාව, අපනයන බෝග සහ සත්ව පාලනය පිළිබඳ උපදෙස් ලබාදීම සිදු කෙරේ. මෙම සේවාවට ලැබෙන විවිධ තාක්ෂණික ගැටළු සඳහා එම මොහොතහිම අවශ්‍ය උපදෙස් දීමට මෙම කාර්ය මණ්ඩලය ක්‍රියාකරන අතර ක්ෂණිකව පිළිතුරු ලබාදීමට අපහසු ගැටළුවලට එම දිනය තුලම අවශ්‍ය උපදෙස් ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ලබයි. කෙසේ වෙතත් ක්ෂණික පිළිතුරු ලබාදීමට අපහසු ගැටළු සඳහා පැය 72ක් ඇතුලත අදාල තොරතුරු අමතන්නා වෙත ලබාදීමට කාර්ය මණ්ඩලය බැදී සිටී. උපදෙස් ලබාදීමට අපහසු ගැටළු වෙනත් අදාල පර්යේෂණ ආයතන වෙත යොමු කිරීමට හෝ ඒ සඳහා මඟපෙන්වටමේ සේවාව ක්‍රියා කරනු ලබයි. ලැබෙන ඇමතුම් සියල්ල දෛනිකව ඒ ඒ විෂයන් යටතේ හා දිස්ත්‍රික්ක යටතේ පරිගණකගත කරන අතර ලැබෙන දත්තයන් අදාල පර්යේෂණ ආයතන හා සියලුම පළාත් කෘෂිකර්ම අධ්‍යකෂකවරුන් වෙත ඔවුන්ගේ දැනගැනීම හා අවශ්‍ය කටයුතු ඇතොත් ඒ සඳහා මාසිකව යොමුකිරීම සිදුකරනු ලබයි.

1920EN.jpg